රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා හෙරොයින් පාර්සලයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයකු කටුනායකදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
සැකකරු තිහාරියේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
අත්අඩංගුවට ගත් හෙරොයින්වල බර ග්‍රෑම් එක්දහස් පන්සිය දහයකි.
කරාබුනැටි, කුරුඳු, කරදමුංගු ආදිය ද රසකැවිළි වර්ගද සමග ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම හෙරොයින් සූක්ෂම ලෙස සගවා තිබූ බව රේගුව කියයි.
රුපියල් පනස් දහසක මුදල් කොන්ත්‍රාත්තුවක් මත හෙරොයින් ප්‍රවාහනය කළ බව සැකකරු රේගුවට කියා ඇත.
නියෝජ්‍ය රේගු අධිකාරී ඩී ඩී එස් සී මයිකල් මහතාට ඔහුගේ ගමන් විලාසය, හැසිරීම හා ගමන් මල්ලේ අසාමාන්‍ය බර පිළිබඳ ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී හෙරොයින් පාර්සලට හමු වී ඇත.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණය යටතේ රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ කේ ඩී නිකලස්, නියේජ්‍ය රේගු අධ්‍යක්ෂ අතුල ලංකාදේව, රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම, නියෝජ්‍ය රේගු අධිකාරී ඩී ඩී සී මයිකල් සහ සහකාර රේගු අධිකාරී උදේශ් ජයවර්ධන මහත්වරු විමර්ශන සිදු කරති.