කෝටියක හෙරොයින් ඇඳුම් අස්සේ


රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 650 ක් රැගෙන මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු සිය ඇඳුම් අස්සේ සඟවාගෙන හෙරොයින් තොගය රැගෙනවිත් ඇත.

මූලික පරීක්ෂණවලින් පසු ඉන්දීය ජාතිකයා කොළඹට රැගෙන යාමට නියමිතය.

hero_2016225 hero_2016225-2

ඡායාරූප - ඉන්දිකා රාමනායක