කෝටියක වල්ලපට්ටා චෙන්නායි නොයයි


රුපියල් කෝටියක් පමණ වටිනා වල්ලපට්ටා කැබැලි තොගයක්  රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කිවේය.

අත් අඩංගුවට ගනු ලැබූ වල්ලපට්ටා තොගයේ බර කිලෝග්‍රෑම් 13 කි.

සැකකරු අද අලුයම 3.30 ට පමණ ජෙට් ගුවන්සේවයට අයත් එස්.ජී 002 දරණ ගුවන්යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණ ඇත.