රුපියල් කෝටියක් වටිනා රන් කිලෝ දෙකක් බ‍්ඳ පටියෙහි සඟවාගෙන ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂ දහයක දඩ නියම කළ රේගුව එම රත්තරන් රාජසන්ක කළේය.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.පී චන්ද්‍රරත්න මහතා විසින් සිදු කළේය.
මෙලෙස දඩ නියම වුයේ කොළඹ 12 පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකුටය.
සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 226 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට කටුනායකට පැමිණ ගුවන් තොටුපොළෙන් පිටවීමට යද්දී පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රේගුවට බාර දී අැත.
සැකකරු රෙදි වලින් තැනු බඳ පටියක තැනින් තැන හොර සාක්කු සකසා ග්‍රෑම් 100 බැගින් බර වු රන් බිස්කට් 1 බැගින් සාක්කු 20 ක රන් බිස්කට් 20 ක් සගවාගෙන තිබු බව රේගුව කියයි.
එහි මුළු බර කිලෝග්‍රෑම් දෙකකි.

