(රොමේෂ් මධුෂංඛ)
රුපියල් එක්කෝටි හාර ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 16 ක් පොලීසියට නොදන්වා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලීසිය පවසයි.
මන්නාරම පේසාලෙයි මුහුදු තීරයේදී මෙරට සිට ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ අදාළ රන් බිස්කට් 16 ක් පිළිබඳ තොරතුරක් පේසාලෙයි පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුට තොරතුරු ලැබී ඇත.
එම පොලිස් නිලධාරීන් දෙදෙනා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යැයි පවසා පේසාලේ මුහුදු තීරයේදී රන් බිස්කට් ළඟ තබාගෙන සිටි පුද්ගලයාගෙන් අත්අඩංගුවට ගන්නා බව පවසා එම රන් බිස්කට් තොගය ගෙන තිබේ.
එක් රන් බිස්කට්ටුවක පවුම් දොළ හමාරක් අඩංගු වන අතර එක් බිස්කට්ටුවක මිල වශයෙන් රුපියල් ලක්ෂ හයහාමාරක් බවත් මේ අනුව මුළු රන් බිස්කට්වල වටිනාකම රුපියල් ලක්ෂ 104 කි.

