කෝටියක මත්කුඩු තැපෑලෙන් එයි


ස්පාඤ්ඤයේ සිට මෙරටට ගෙන්වූ බව කියන රුපියල් කෝටියකට ආසන්න හෂිස් හා ඒවා සෑදීමට ගන්නා කුෂු සහිත පාර්සලයක් අද (11) කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී සොයා ගත් බව රේගුව කියයි.

අයිතිකරුවකු නොමැති පාර්සලයේ කුෂු පාර්සල් 7ක්ද හෂීස් පාර්සලයක්ද තිබී ඇති අතර තැපැල් දෙපාර්තමේන්තුවේ දැනුම්දීම මත රේගුව හා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පරීක්ෂණ සිදුකරයි.