පාසල් සිසුනට අලෙවි කිරීම සඳහා රැගෙන ආ බව කියන මත්ද්‍රව්‍ය ඇතුළත් බාබුල් තොගයක් අත්අඩංගුවට ගත් බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාංශය කියයි.
ගුවන්තොටුපොළ රේගුව හා සෞඛ්‍ය නිරෝධායන ඒකකය මගින් අත්අඩංගුවට ගත් මෙම බාබුල් තොගය මාලදිවයින, ඉන්දියාව, පාකිස්ථානය, සහ කුවේට් සිට ආනයනය කර ඇතැයි කියති. අත්අඩංගුවට ගත් බාබුල් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට පමණ ආසන්න වන අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් බාබුල් තොග පරීක්ෂාවට ලක් කළේය.
එම පරික්ෂාවෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළේ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ලංකාවට තහනම් මත්ද්‍රව්‍ය ඇතුළත් බාබුල් ගෙන්වන බවයි. පසුගිය මාස 04 - 05 ක කාලය තුළ ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද තහනම් ආහාර වර්ග මෙන්ම කුඩා දරුවන් මත් වෙන විවිධ දේවල් අත්අඩංගුවට ගැනීමට වැටලිම් සිදුකර තිබෙන බවයි.


