කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර කුණු වතුර වළක


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අතුරුදන්ව සිටි කෝටිපති  ව්‍යාපාරිකයකුගේ සිරුර වෙන්නප්පුව උදාසිරිගම ප්‍රදේශයේ  වාහන සේදුම්  මධ්‍යස්ථානයක අප ජලය බැහැර කිරීමට යොදා තිබු වළක තිබියදි හමුවු බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මාරවිල ,කටුනේරීය ප්‍රදේශයෙ පදිංචි ටයර් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයකු  වන 22 හැවිරිදි ශ්‍රීජීත් ජයෂාන් නැමති තරුණයකු බව කියයි.

මොහු පසුගිය 30 දින රාත්‍රියේ ඔහුට අයත් කැබ් රථයකින් යහළුවකු සමග පිටව ගොස් තිබුණද නැවත නොපැමිණ ඇති බවට පොලිසියට පැමිණිලි ලැබ තිබු අතර ඒ සම්බන්ධව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබු බව කියයි.

එසේ විමර්ශන ආරම්භ කර තිබියදී මෙසේ අතුරුදන් වු කෝටිපති තරුණ ව්‍යාපාරිකයාට අයත් කැබ් රථය වෙන්නප්පුව උල්හිටියාව කඩවත ප්‍රදේශයෙ සඟවා තිබෙන බවට ලැබුණ තොරතුරු මත  ඒ ගැන අවදානයෙන් සිටි පොලීසියට කැබ් රථය රැගෙන යාමට පැමිණි  අතුරුදන් වු ව්‍යාපාරිකයා සමඟ අවසන් වරට සිටි අයකු අත් අඩංගුවට ගැනිමට හැකිව තිබේ.

 අනතුරුව ප්‍රශ්න කිරිමේදි කෝටිපති ව්‍යාපාරිකයා තමන් හා තම මිතුරකු සමඟ 30 දින මෙම සිරුර හමුවු වාහන සේදුම් මධ්‍යස්ථානයෙ සාදයක් පැවැත්වූ බවත්  අතර එහිදි ඇතිවු   බහින් බස් විමකින්  පසු පිහියකින් ඇන මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර  වාහන සේදුම් මධ්‍යස්ථානයෙ අප ජලය බැහැර කිරීමේ වලට දමා වැසු බව පාපොච්චාරණය කර තිබුණි.