දකුණු කොරියාවේ සෝල් අගනුවර පදිංචිකරුවකු වන හර් චොන්ග් එම රටේ ප්‍රසිද්ධ චරිතයක් ව ජීවත් වූ පුද්ගලයෙකි. 1982 ඔහු තම මව් රට අතහැර ඉන්දියාවට පැමිණෙයි.
චෙන්නායි ජිවත් වු ඔහු එම වර්ෂයේදීම දී ලංකාවට පැමිණ කටුනායක ගුවන් තොටුපලෙහි පුද්ගලයකු හා මිතුරු වෙයි. චොන්ග් එම යහළුවාගේ ගම් පළාත වන රත්නපුරයට ගොස් දිවි ගෙවීය. එහි දී කාන්තාවක් හා මිත්‍ර වී විවාහ විය.
මෙරට මහා පරිමාණ ව්‍යාපෘති වලින් ඉවත්වන ද්‍රව්‍ය මිලට ගැනීම සහ එම ව්‍යාපෘතිවලට කොරියා උපකරණ ගෙන්වාදීම සම්බන්ධීකරණ ව්‍යාපාර කිහිපයක් ආරම්භ කරන ඔහු කොට්ටාවේ සහ කොත්මලේ ව්‍යාපාර ආයතන පිහිටවීය. ඒ අතරතුර බීරිය ඔහුගේ සේසත විකුණා විදේශයකට ගිය බව කියයි.
කොරියාවේ හිත මිතුරන්ගේ ආධාර ඇතිව නැවතත් මෙරටට පැමිණෙන චොන්ග් තනිවම නැවතත් ව්‍යාපාර ආරම්භ කළේය. විවිධ ප්‍රදේශවල ලාංකික ව්‍යාපාරිකයන් තමන්ට රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් වංචා කර ඇති බව ඔහු කියයි.
මේ පිළිබදව මිරිහාන, කඩවත ,අවිස්සාවේල්ල ,පානදුර , සූරියවැව ,වත්තල ආදී පොලිසි ගණනාවක පැමිණිලි සිදු කළත් මෙතෙක් නිසියාකරයෙන් තමන්ට මුදල් ලබාදී නැතැයි ඔහු පවසයි.
එබැවින් තමන්ට තව වසරකටත් අඩු කාලයක් මෙරට රැදී සිටිමට වීසා ඇති බැවින් තම මව් රටට යාමට පෙර මෙම මුදල් තමා වෙත ලබා ගැනීමට පිහිට වෙන ලෙසත් ඉන්පසු තම රටට යාමට අවශ්‍ය බවත් චොන්ග් පවසයි.





