කෝටි හය සියයයේ කුසලානය ස්පාඤ්ඤයට


ලෝකයේ දක්ෂතම පාපන්දු ක‍්‍රීඩකයාට පිරිනමන රන් කුසලානය සිව්වන වරටත් ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක‍්‍රීඩා සමාජයේ ආර්ජන්ටින් ජාතික ලයනල් මෙස්සි විසින් මෙවරද හිමි කර ගැණිනි. මෙවර ඔහුට හිමි වූ මෙම රන් කුසලානය ඔහුගේ පාදයේ නියම ආකෟතියකට සමාන ලෙස නිම කර ඇති අතර එහි ඇති පිරිසිදු රත්තරන් ප‍්‍රමාණයේ බර කි:ග‍්‍රෑම් 25කි. මෙම කුසලානය ජපානයේ සුප‍්‍රසිද්ධ ස්වර්නාභරණ වෙළඳ සලක මාර්තු මස 07 වෙනිදාා සිට අලෙවි කිරීම සදහා ප්‍රදර්ශනයට තබා ඇති අතර එහි වටිනාකම යුරෝ ලක්ෂ 40ක් හෙවත් රුපියල් කෝටි 600කි.