කෝටි හතක හොර සිගරට් අල්ලයි


තීරු බදු නොගෙවා ආනයනය කළ රුපියල් කෝටි හතකට ආසන්න වටිනා සිගරට් තොගයක් සමග සැකකරුවන් සිව්දෙනකු රාගම කුරුකුලාවේදී සහ කොටහේනේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

සිගරට් තොගයක් රාගම කුරුකුලාවේ නිවසක ගබඩාකොට තිබිණි. තවත් තොගයක් කොටහේනට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව විශේෂ කාර්ය බළකාය කියයි.