කෝටි භාගයක රන් රාජසන්තකයි


 රුපියල් පනස්  දෙලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා නිමා නොකළ ස්වර්නාභරණ තොගයක්  ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගෙනයාමට තැත්කළ කාන්තාවන් තිදෙනෙකුට  රුපියල්  විසිපන්දහස බැගින් දඩ නියම කළ රේගුව එම රන් භාණ්ඩ  රාජසන්තක  කළේය.

අත්අඩංගුවට ගනු ලැබූ ස්වර්නාභරණ වල බර ග‍්‍රෑම් 1055 ක්  බවත් සැකකාරියෝ කොළඹ කොටහේන ප‍්‍රදේශයේ පදංචි රෙදි පිළි ව්‍යාපාරයේ යෙදෙන්නියන් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

මෙම ස්වර්නාභරණ අතර  මාල තුනක් සහ වලලූ විස්සත් වූ බවත් මෙම කාන්තාවන්  නිතර නිතර ඉන්දියාවට යන බවත් රේගුව කියයි.

සැකකාරියෝ  අද  ජෙට් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

එහිදී රේගු නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී මෙම් ස්වර්නාභරණ සොයාගෙන ඇත. මින් කිහිපයක්  ඔවුන් පැළඳ සිටි බවත් ඉතිරිවා   ඔවුන්ගේ  අත් බෑග්වල  තිබූ බවත් රේගුව කියයි.
සැකකාරියන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී මේවා ඉන්දියාවට විකිනීම සඳහා ගෙන යන බව රේගුවට පවසා ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල්  ජගත් පී විජේවීර මහතාගේ උපදෙස්  පිට  ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක  සරත් නෝනිස් මහතාගේ  අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන   ධර්මසේන කහඳව, ඒ.කේ.එන් වික‍්‍රමසිංහ, රේගු අදිකාරී එම්.අයි  ෂලීම් සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන  නිශාන්ත ජයසිංහ, හසංත ගුරුගේ, උපුල්  විදානගම සහ සහකාර රේගු අදිකාරීවරුන්වන  ඒ.වී. ආර් සමන්ජිත්  එම්.ඒ.ඔ පරනෑන්ඩු සහ  නිරෝෂා විජේතුංග යන නිලධාරීහු  විසින් සිදුකරනු ලැබූහ.