කෝටි දෙකහමාරේ කප්පම වරදී


ප්‍රසිද්ධ දේශපාලනඥයකු මිනුවන්ගොඩ හොරම්පැල්ලේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පෞද්ගලික අංශ විධායකයකුගෙන් රුපියල කෝටි දෙක හමාරක කප්පමක් ඉල්ලූ බවට මිනුවන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. පැමිණිල්ලක් ලැබී ඇතත් ඒ කාගෙන්දැයි නොදන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී අජිත් රෝහණ මහතා කියයි. පසුගිය 26 වැනි දින දහවල් 12.00ට පමණ දුරකතන ඇමතුමකින් මෙම කප්පම ඉල්ලා ඇත්තේ මිනුවන්ගොඩ  පදිංචි පුද්ගලයෙකු ගෙනි. අධිකරණයට කරුණු දක්වා අධිකරණ නියෝගයක් මගින් අදාළ ජංගම දුරකතන අංකයේ විස්තර පරීක්ෂා කර බැලීමට පොලීසිය සැරැසෙයි. ඔහු විසින් මිලට ගත් ඉඩමට තමා රුපියල් කෝටියක් වැයකළ බවත් ඉඩමද දැන් තමාට අහිමිව ඇති බවත්  දේශපාලනඥයා ගැනුම්කරුට කියා ඇත.