කෝටි ගණනක රට සල්ලි ගුවන්තොටින් පන්නන්න බැරිවෙයි


රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂයක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් සමග ඉන්දියන් ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිසිය කියයි.

ඇමරිකන් ඩොලර්, යූරෝ, ස්ටර්ලින් පවුම් සහ කැනඩා ඩොලර් ඔහු සතුව තිබූ බවත් ඒවා රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණ ඇති බවත් කියති.