කෝටි එක හමාරක කේරළ ගංජා ඩිංගියක


(රොමේෂ් මධුෂංඛ)
                     

යාපනය සහ මන්නාරම් මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 15 කට අධික වටිනා කේරල ගංජා කිලෝ 106 ක් සමග සැකකරුවනවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.           

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් යාපනය මාදගල්තුරෙයි වෙරලතීරයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අතහැර දමා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය වීමෙන් පසුව අදාල යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇති අතර එහිදී කේරල ගංජා ගෝනි 4 ක් තුල පාර්සල් 10 ක කේරල ගංජා තොගය අසුරා තිබුණි.

මේ අතර උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මන්නාරම පුතුකුඩිඉරිප්පු හා ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයන්හි සිදු කරන ලද සොදිසියකදී කේරල ගංජා කිලෝ 6 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
අදාල කේරල ගංජා තොගයන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට රැගෙන එමින් සිටියදී මෙලෙස සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 ත් 56  ත් වයස්හි පසුවන අතර ඔවුන් මන්නාරමඉරුක්කලම්පිඩ්ඩි හා තාරාපුරම්  යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් හා කේරල ගංජා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය හා මන්නාරම් සුරාබදු නිලධාරී කාර්යාල වෙතට භාරදීම නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.