කෝටි එක හමාරක කංසා යාලෙදි වනසයි


යාල වනාන්තරයේ අක්කර තුනක කංසා හේනක් වැටලූ බව මහනුවර විශේෂ සුරාබදු ඒකකය කියයි.

සුරාබදු නිලධරයන් 12 දෙනකු කිලෝමීටර 14ක් කැලේ ඇතුළට ගොස් මෙම කංසා වගාව වනසා හය දෙනකු අත්අඩංගුවට ගත් බවත් කංසා තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටි එක හමාරක් පමණ වන බවත් මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ගාමිනී අධිකාරි මහතා පවසයි.