
(යොහාන් භාසුර)
රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් කැනඩාවේ සිට එවූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ක පමණ තොගයක් පෑලියගොඩ පිහිටි කාගෝ ආයතනයකදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.
කැනඩාවේ පදිංචි පුද්ගලයෙක් පෑලියගොඩ පිහිටි කාගෝ ආයතනයක් හරහා යාපනයේ පදිංචි පුද්ගලයෙක් වෙත එවා තිබූ භාණ්ඩ අඩංගු ලී පෙට්ටි 2ක් රේගු නිලධාරීන් පරික්ෂා කිරීමේදී එම ලී පෙට්ටිවල ව්‍යාජ පතුල් 2ක් සාදා එහි සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 12 ක් සොයාගත් බවත් එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 24ක් ලෙස සකස් කර තිබූ බවත් රේගු සඳහන් කළේය.
මෙම භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා භාණ්ඩ හිමිකරු බලය පැවරූ වාප්පු ලිපිකරුවෙක් මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් බව කී රේගුව සඳහන් කළේය මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 84 පමණ වන බවත්ය.

