කෝටි 6ක දුරකතන ගුවන්තොටින් පන්නන්න බැරි වෙයි


(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන , ටැබ් පරිගණක සහ පරිගණක 238 ක තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(30) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 මොහු 22 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ මෙම නවීනතම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සගවා ගෙන තිබූ බව රේගු නිලධාරීන් පැවසූහ .