කෝටි 5ක සන්නිවේදන උපකරණ තොගයක් කටුනායකින් අල්ලයි


( ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි පහක් පමණ වටිනා ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමඟ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු  අද(20)වන දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතරින් පළමු ගුවන් මගීන් දෙදෙනා අද(20)වන දින අලුයම 12.30 ට ඩුබායි සිට එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 25 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් තිදෙනා අත් අඩංගුවේ ගෙන මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.