
(රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග)
යාපනය කන්කසන්තුරෙයි මුහුදුවෙරළ ආසන්නයෙන් රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් කේරලගංජා කිලෝ 360 ක් තිබී සොයාගත් බව කන්කසන්තුරෙයි පොලීසිය පැවසීය.
කන්කසන්තුරෙයි මුහුදු වෙරළේ සහ මුහුදු සීමාවේ පාවෙමින් තිබූ කේරල ගංජා තොගය උතුරු නාවික විධානයට අයත් නාවික සෙබලුන්ගේ සහ කන්කසන්තුරෙයි පොලිස් නිලධාරීන්ගේ ඒකාබද්ධ සෝදිසියකදී සොයාගෙන ඇත.
ඉන්දියාවේ සිට මුහුදු මගින් බොට්ටු වලින් රැගෙනවිත් නාවික හමුදා සෝදිසි කිරීම් හේතුවෙන් අදාල කේරල ගංජා තොගය කන්කසන්තුරෙයි මුහුදු වෙරළට දමා ජාවාරම්කරුවන් පලාගොස් ඇති බවට සැක පළකරන්නේ යැයි පොලීසිය පැවසීය.
කේරල ගංජා තොගය කන්කසන්තුරෙයි මුහුදු වෙරලට දමා යාමෙන් පසුව උතුරේ කේරලගංජා ජාවාරම් කරුවන් විසින් රහසිගතව ඒවා රැගෙනයාමට සැලසුම් කොට ඇති බවටත් එම ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවටත් කන්කසන්තුරෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සොයාගත් කේරල ගංජා රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැත

