කෝටි 5 ක 10 කාසි නිකුත් කරයි


ශ්‍රී ලංකා සංඥා බළකායේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ රුපියල් 10 සමරු කාසියේ පළමු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (27) පිළිගන්වනු ලැබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද එහි වේ. 

මෙම කාසියයෙන් කාසි 5,000,000 නිකුත් කර ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙම කාසි වල වටිනාකම රුපියල් මිලියන 50 ක් හෙවත් කෝටි 5 කි. 

055