( කුෂාන් ජයවර්ධන)
ත්‍රිකුණාමලය කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04ක් රුපියල් කෝටී හතර හමාරකට අලෙවි කිරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු එම වාලම්පුරි ද සමඟ ත්‍රීකුණාමලය නිලාවේලි ප්‍රෙද්ශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
කිසියම් පිරිසක් වාලම්පුරි 04ක් අලෙවි කිරීමට සූදානම් වන බවට ලැබි තිබූ තොරතුර අනුව ඒවා මිලදී ගැනීමට ඉදිරිපත්වන ව්‍යාපාරිකයින් ලෙස වනජීවි නිලධාරීන් පිරිසක් කටයුතු කර ඇතැයි කියයි.
ඒ අනුව, ව්‍යාපාරික වෙසින් පෙනී සිටි වනජිවී නිලධාරීන්ට එම වාලම්පුරි 04 රුපියල් කෝටි හතරහමාරකට අලෙවි කිරීමට සැකකරුවන් එකඟව ඇති අතර ත්‍රීකුණාමලය නිලාවේලි ප්‍රෙද්ශයේ ස්ථානයකදී ඒවා අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබිණ.
මෙම වාලම්පුරි සමඟ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නිලාවේලි හා වව්නියාව ප්‍රෙද්ශවල පදිංචි වයස අවුරුදු 33, 38 හා 45 යන වයස් වල පසුවන්නෝ වෙති.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුච්චවේලි කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙහෙයුම සිදුකර තිබිණි.