කෝටි 300 ඊ පී එෆ් පිරික්සුම 15


ලංකා විදුලිබල මණ්ඩලයේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 300කට ආසන්න අර්ථ සාධක අරමුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් එළබෙන 15 වැනිදා කම්කරු මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඩී පේ නෙවිරත්න මහතාගේ උපදෙස් මත කම්කරු කොමසාරිස් ජනරාල් වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පරීක්ෂණයට විදුලි බල මණ්ඩලයේ වත්මන් සමාන්‍යාධිකාරීවරයා හෝ බලය පැවරු පුද්ගලයකු සහභාගී වීමට නියමිතය.