බිමල් ශ්‍යාමන් ජයසිංහ
බේරුවල බලපිටිය මුහුදු සීමාවේ හෙරොයින් මත්කුඩු කිලෝ 231 යි ග්‍රෑම් 54 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාව වැටලීමට සහය දක්වා ඇත.
එම මත්කුඩුවල වටිනාකම රුපියල් මිලියන 2778 අධික බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඡායාරූප - ඉෂාන් සංජිව




