කෝටි 21 ක රන් කටුනායකින් පන්නන්න බැරිවෙයි


(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි 21 ක් වටිනා රන් තොගයක් , වාහන අමතර කොටස් තුළ සඟවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ  " රක්ත මාවත " ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් එක් අයෙකු කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි .අනෙක් පුද්ගලයා මහනුවර , රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංච් 46 හැවිරිදි අයෙකි .

ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන් ගමන් වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන්වේ .

ඔවුන් විසින් ගෙන ආ ගමන් මලු තුළ තිබූ කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 700 ක් බර මෙම රත්තරන් තොගය , වාහන බෙයාරිං පද්ධති දෙකක් තුළ රන් බිස්කට් 21 ක් සහ වාහන සිසිලන පද්ධතියකට අදාල ජල පොම්ප කැබැලි තුළ , ඒ හැඩයට උණු කර සකස් කර තිබූ රන් කුට්ටි කීපයක් ද සහවා ගෙන තිබුණි .