කෝටි 2 ක් වටිනා හෙරොයින් කිලෝ එකහමාරක් අල්ලයි


 (සිතුම් චතුරංග)
කොළඹට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබු බව කියන රුපියල් කෝටි දෙකක් පමණ වටින හෙරෝයින් කිලෝ එක හමාරක්  සමඟ ධීවරයකු යාපනය වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී අද(27) අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව සුරාබදු කාර්යාලය කියයි.

උතුරු නාවික හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව කළ වැටලීමකදී සුඛෝපභෝගී බස්රථ තුළ සඟවා ප‍්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ මෙම හෙරෝයින් තොගය අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව සුරාබදු කාර්යාලය පවසයි.

පේදුරුතුඩුව සුරාබදු කාර්යාලය පැවසූයේ සැකකරු ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට හෙරෝයින් රැගෙනවිත් දීර්ඝ කාලයක සිට සූඛෝපභෝගී බස්රථ යොදාගෙන කොළඹට ප‍්‍රවාහනය කර ඇති බවයි.    

(ප්‍රවාහනය කිරීම සඳහා හෙරොයින් අසුරා තිබූ ආකාරය)