ඉතාලි රජයෙන් වන්දි වශයෙන් පුතාට ලැබුණු රුපියල් කෝටි 15ක් වංචා කළැයි කියන පියකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රහස් පොලිසියට නියෝග කළේය.
හොරණ පදිංචි රමේෂ් කුසල් රහස් පොලිසියට පැමිණිලි කර ඇත්තේ වසර 13ක් තමා ඉතාගියේ සේවය කළ බවයි.
2006 මාර්තු 26 වැනි දා ඉතාලියේදී තම රිය නතර කළ බවත්, පොලිස් නිලධරයකු අතින් වැරදීමකින් අවියක් පත්තුවී තමා තුවාල ලැබා ආබාධිත වූ බවත්, ඊට එරෙහිව පැවරූ නඩුවේදී තමාට යූරෝ 1200000ක් ද, තම පියාට හා මවට යුරෝ 120000 බැගින් දතම සහෝසරයාට යුරෝ 70000ක් ද, ඥාති සහෝදරයාට යුරෝ 40000ක් ද වන්දි ලෙස ගෙවූ ඉතාලි රජය නිවසක් සාදා ගැනීමට යුරෝ 21200ක් දුන් බවත් පැමිණිල්ලේ සදහන් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ අවසරය ඇතුව ඉතාලි රජය එම මුදල ශ්‍රී ලංකාවට ගෙවූ බවත්, තම පියා තමා විවාහකයකු බව සඟවා ව්‍යාජ ලියැවිලි මගින් තමාගේ භාරකාරත්වය හොරණ දිස්ත්‍රික් අධිකරණයෙන් ලබා ගෙන ඇති බවත් කුසල් රහස් පොලිසියට කියා ඇත.
තම පියා අනියම් සම්බන්ධයක් ද ඇතිව සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව ද, තමාගේ මුදල් හා දේපල පරිහරණය කරන බව ද, තමා දැන් අමාරුවෙන් ජීවත් වන බව ද පුතාගේ පැමිණිල්ලේ සදහන් වේ.