කෝටි 13ක සිගරට් ඩුබායිවලින් ගෙනල්ලා


රෙදි සෝදන කුඩු මුවාවෙන් ඩුබායි සිට ගෙන්වූ බව කියන රුපියල් කෝටි 13ක් වටිනා රට සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය අද (19) ඔරුගොඩවත්ත රේගු අංගනයේදී සොයා ගත්තේය.

ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කම්හලක නමට මෙම සිගරට් ගෙන්වා තිබේ. දුම්වැටි ලක්ෂ 44ක් එහි විය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම විමර්ශන අංශය පරීක්ෂණ සිදු කරයි.

DSC_3537 DSC_3548 DSC_3592 DSC_3604 DSC_3612 DSC_3663

ඡායාරූප - ශාන්ත රත්නායක