(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට 1999 වර්ෂයේදී රුපියල් කෝටි 11ක වියදමින් මිලදී ගෙන ඇති ඡායාරූප සුද්ද කිරීමේ යන්ත්‍රයෙන් මෙතෙක් එකම ඡායාරූපයක් හෝ සුද්ද කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණයවූ බව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
මේ යන්ත්‍රය අද යකඩවලට පවා විකුණා දැමිය නොහැකි තත්වයක පවතින බව පැවසූ සභාපතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශාල කාමරයක රඳවා ඇති මේ යන්ත්‍රය හේතුවෙන් එහි විශාල ඉඩකඩක්ද ඇහිරි ගොස් තිබෙන බව ප්‍රකාශ කළේය.
මෙම යන්ත්‍රය 1999 වර්ෂයේදී මිලදීගෙන ඇතැයි පැවසෙන්නේ ප්‍රංශයෙනි.

