ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි ලාංකිකයකු රැගෙන ආ ගමන් මල්ලක තිබි රුපියල් ලක්ෂ 1112 (රුපියල් කෝටි 11.12 ක්) වටිනා දේශීය සහ විදේශ මුදල් නොට්ටු තොගයක් කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පවසයි.
විදේශ රටකට යාමට පැමිණි ගුවන් මගියකු විසින් මෙතරම් මුදල් ප්‍රමාණයක් නීතිවිරෝධි ලෙස විදේශ රටකට රැගෙන යාමට උත්සහ කර ඇත්තේ කුමකට දැයි යන්න ගුවන්තොටුපළ රේගුව පරික්ෂණ කරයි.

