(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි දහයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණ , ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිමා කර , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(28 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා ඉන්දීය ජාතිකයන් වන අතර ඔවුන් අතරින් පිරිමි පුද්ගලයා 36 හැවිරිදිය . අනෙකා , 56 හැවිරිදි කාන්තාවකි .
ඔවුන් දෙදෙනා ඉන්දියාවේ සිටින කාන්තාවකගේ අණ පරිදි , මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන පැමිණි බව , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර තිබේ
මොවුන් දෙදෙනා රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .