ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ඔස්සේ ඩුබායි නුවරට නැව් මගින් ගෙන ගිය රුපියල් කෝටි 10ක් පමණ වටිනා රත් හඳුන් දැව තොගයක් රේගු නිවාරණ අංශය මගින් අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
රත්හඳුන් තොගයේ බර ටොන් පහක් පමණ වෙතැයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පී බී කුලතුංග මහතා පැවැසීය.
මෙය ඉන්දියාව හා ඩුබපායි අතර කෙරෙන ජාත්‍යන්තර රත්හදුන් දැව ජාවාරමක් බව ද රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ පවසයි.