කෝට්ටේ පුරපතිටත් නඩු


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ උප සභාපති මධුර විතානගේ මහතාගේ පරිගණකයේ දත්ත අනවසරයෙන් ලබාගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝට්ටේ නගරාධිපති ජනක රණවකට හා පරිගණක නිලධාරී ලසන්ත රොෂාන්ට එරෙහිව නීතිපති අද (19) මහාධිකරණයේ නඩු පැවරීය.

පසුගිය රජය කාලයේ නියෝජ්‍ය නගරාධිපතිගේ පරිගණක දත්ත සොරකම් කළැයි පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් නගරාධිපති හා පරිගණක ශිල්පියා අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානභාර නිලධරයන්ගෙන් නිදහසට කරුණු විමසන ලෙසද මහාධිකරණය පොලිස්පතිට නියෝග කළේය.