කෝට්ටේ පුරපතිට උසාවියෙන් කල් දෙයි


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධීපති ජනක රණවක හා ජී ඒ ජෝකිම්  යන දෙදෙනා කෝට්ටේ නගර සභාවේ රුපියල් කෝටි හතරක ඉඩමක් හා රුපියල් හය ලක්ෂයක බඩු බාහිරාදිය වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මුලික විරෝධතා ගොනු කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ලබන 13 වැනිදා තෙක් කල් දුන්නේය.

නාවල කොස්වත්තේ  පර්චස් 38.5ක රජයේ ඉඩමක් වංචනික ලෙස ලියාගෙන ඇතැයිද ඉඩමේ වටිනාකම රුපියල් කෝටි හතරක් යැයි ද කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ප්‍රසන්න රවීන්ද්‍ර ලාල් සිය පෙත්සමින් අධිකරණයට කියා සිටියේය.

ජෝකින්ගේ ද ආධාර හා අනුබල ඇතිව නගර සභාවෙන් සොරකම් කළ බඩු භාණ්ඩ තම සන්තකයේ තබා ගත්තැයිද පෙත්සම්කරු නගරාධිපතිට එරෙහිව කරුණු ඉදිරිපත් කළේය.