කෝට්ටේ මිෂන් පටුමගේ නිවසක් තුළ වැසිකිළි වළක් හාරන මුවාවෙන් නිදන් හෑරූ බව කියන දෙදෙනකු අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
මිරිහාන පුරාවිද්‍යා ඒකකයට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර නිවස වටලන අවස්ථාවේදී අඩි 6.4 ක වට ප්‍රමාණයක් හා අඩි 9 ක් ගැඹුරට වළක් හාරා තිබී ඇතැයි පොලිසිය පවසයි.

