ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නඩත්තු කටයුතු සඳහා කෝට්ටේ ජල පොම්පාගාරයට සපයන විදුලි බලය සිකුරාදා (22) අත්හිටුවන නිසා එදින පෙරවරු අටේ සිට පැය නමයක් උස් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත්, පහත් ස්ථානවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.
ජලය අත්හිටුවන ප්‍රදේශ -
ඇතුළුකොට්ටේ, පිටකොට්ටේ, මිරිහාන, තලවතුගොඩ පාර, මාදිවෙල, ඇඹුල්දෙනිය, නුගේගොඩ, නාවල, රාජගිරිය, කොස්වත්ත, මොරගස්මුල්ල, හයිලෙවල් පාරේ නුගේගොඩ හංදිය සිට විජයරාම හංදිය දක්වා