කෝච්චි රියදුරෙක් අදත් ගුටි කයි


මහව සිට කොළඹ බලා ධාවනය වන මහව කාර්යාල දුම්රිය අද (20) උදේ ප්‍රමාද වී ධාවනය  කිරීම සම්බන්ධව කුපිත වු මගින් පිරිසක් අලව්වේදී  එහි රියදුරු බිමට බස්සවා පහර දී ඇතැයි රියදුරු සංගමය පවසයි.

අනතුරුව අලව්වේදී මගීන් කලබලකාරීව හැසිරී මාර්ගයට කොන්ක්‍රීට් කණු  දමා ඉහළ පහළ දුම්රිය ධාවනය නතර කැරුණු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.