කෝකියාට පහරදී ඝාතනය කරලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)

ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි  ගල්කිස්ස  මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අප්කේට් ස්ටෑන්ස්පි වතු යායේ පදිංචිව සිටි අන්තෝනි සාමී ජේසුදාසන් (45) නැමැත්තෙකි.

බේකරිය හන්දිය ආසන්නයේ බෝඩිම් කාමරයක් ඉදිරිපිට  පුද්ගලයකු තුවාල සහිතව වැටී සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් දුරකථනය හරහා ලද පණිවිඩයක් අනුව ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කූරබගේ මහතා ඇතුළු කණ්ඩායමක් එම පුද්ගලයාව කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙතඇතුළත්  කිරීමේදී මිය ගොස් ඇත.

මියගිය පුද්ගලයාගේ මුහුණ සහ පාදවල මතුපිටින් තුවාල දක්නට  ලැබී ඇති අතර නහයෙන් සහ මුවින් ලේ වාහනය වනු දක්නට ලැබුණු බව පොලිසිය සඳහන් කරයි .

හෝටලයට ආසන්න බෝඩිං කාමරයේ  ඔහු සමඟ හෝටලයේ සේවය කරන තවත් පුද්ගලයන් සිව් දෙනකු නවාතැන් ගෙන සිටින අතර ඇතිවූ යම් සිද්ධියකදී මෙම පුද්ගලයා පහර කෑමට ලක්වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.