නිවාස 118 කින් කෝටි පහක් පමණ වටිනා රන් භාණ්ඩ සොරා ගත් බව කියන සැකකරුවන් දෙදෙනා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් අමරානි මුදලිගේ මහත්මිය විසින් අද (16) නියෝග කලාය.
මෙම සැකකරුවන් දෙදෙනා වැලිවේරිය පොලිසිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී සොරා ගෙන සඟවා තිබූ කිලෝ එක හමාරක් පමණ බරැති රන් භාණ්ඩ සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

