
(අජිත්ලාල් ශාන්ත උදය, ජයන්ත නානායක්කාර සහ ජී.ආර්. ගමගේ)
මාළිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් අද පරාජය ට පත්විය .
කොලොන්න ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී සභාපති කේ.එම්.සී.සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි .
කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභික සංඛ්‍යාව 19කි. බලය ඇත්තේ සභිකයින් 09ක් හිමි මාළිමාවටය. විපක්ෂයට සභිකයින් 10කි. සජබ 05, පොහොට්ටුව 03, එජාප සහ දිලිත් ජයවීර මහතාගේ පක්ෂය ට එක බැගිනි. මෙවරත් පරාජයට පත්වූයේ වැඩි ජන්ද එක්කිනි.
රැස්වීම ආරම්භයේ විපක්ෂ සභිකයින් ආසන පැනවීමට විරෝධය දක්වමින් හිටගෙන සිටියහ. ඔවුන් මීට පෙර පැවති සභාවල ආසන වෙන්කළ ආකාරයට ආසන වෙන්කර දෙන්නැයි ඉල්ලා සිටියහ .
පසුව සබරගමු පළාත් පළාත් පාලන කොමසාරිස් කීර්ති බන්ඩාර මහතාගෙන් උපදෙස් ගත්තේය. ඔහු පෙන්වා දුන්නේ අකාරාදි පිළිවෙලට ආසන පනවා ඇති බවයි. ගැටලුවක් ඇතිනොකර කටයුතු කරන්නැයි උපදෙස් දුන්නේ ය. ඒ අනුව ආසන පනවා තිබූ ආකාරයට ම අසුන්ගෙන රැස්වීම ට එක්විය.

