අයවැයෙන් පැනවූ මාර්ග නීති කඩකිරීමේ වැරදි හතකට පැනවූ රුපියල් 25000 දඩයට එරෙහිව වර්ජනයේ නියත ත්‍රී රෝද රියදුරන්ගේ සංවිධානයක් අද (2) ජනපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාරදීමට ත්‍රී රෝද සිය ගණනකින් ගමන් කිරීම නිසා ඇස්වාට්ටුවේ සිට කොටුව දක්වා දැඩි වාහන තදබදයක් පවතී.
ඇස්වාට්ටුවේ සිට කොටුවට යාමට අඩු ගණනේ මිනිත්තු 45ක්වත් ගතවූ බව කිහිප දෙනෙක්ම පැවසූහ.
ත්‍රී රෝද රිය 200ක් පමණ පුවරු ප්‍රදර්ශනය කරමින් කොටුව දෙසට ගමන් කරති.