කොළඹට ආ කෝඩුකාරයනට තර්ජනය කර ඔවුන් ළඟ තුබූ රන් මාල අටක්, මුදු තුනක් හා පෙන්ඩන්ට් තුනක් පැහැරගෙන කුඩු ගැසීමට උකස් කළ බව කියන තරුණයකු කුඩු මිලිග්‍රෑම් 900ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹ නුහුරු නුපුරුදු අය ඉවෙන් මෙන් හදුනාගන්නා මොහු ඔවුන් ළඟට ගොස් තමන් පාතාලයකු බවත්, ඉනේ පිස්තෝලයක් ඇති බවත් කියා සල්ලි හෝ වෙනත් වටිනා දේ කොල්ලකෑමට පුරුදුව සිටි බවත්, කොළඹ අවට පොලිසි හතකට ඔහු අවශ්‍යව සිටි බවත් පොලිසිය පවසයි.