(යොහාන් භාසුර)
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) පැය 18 ක් ජල සැපයුම අත්හිටුවන බවත් ඒ අනුව අනිද්දා පෙරවරු 8.00 සිට පසුදින 20 වැනිදා අලුයම 2.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා, මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා, රත්මලාන සහ කටුබැද්ද යන බල ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුව බව ද එම මණ්ඩලය කියයි.
විදුලිබල මණ්ඩලයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ද එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.

