කොළඹට ජල සැපයුම අඩු පීඩනයකින්


අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ මහ නගර සභා ප්‍රදේශයට ජලය සැපයීම අඩු පීඩන තත්ත්වයකින් සිදු කරන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයකින් යුතුව ජලය සැපයෙනු ඇති බව සඳහන් කරයි.

අද (9) මධ්‍යම රාත්‍රීය වන විට ජල සැපයුම යථාතත්වයට පත් කිරිමට කටයුතු කරන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

(28535)