කොළඹ මහ නගර සභාවේ හිටපු උප පුරපති අසාද් සාලි මහතා කොළොන්නාවේ ඔහුගේ නිවසේදී අද පෙරවරුවේ රහස් පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එයට හේතුව ක්ෂණිකවම දැනගත නොහැකි විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ රහස් පොලීසියට ලැබුණු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.