අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක් වන පණ්ඩුකාභයපුර විදුහලේ සිසුනට විශාල අඩුවක්ව පැවැති පුස්තකාලයක් හා සිසු දරු දැරියන්ට අභ්‍යාස පොත් පාසල් හා ක්‍රීඩා උපකරණ ද ලබා දීමට කොළඹ විශ්ව විද්‍යාලයයේ 60 දශකයේ විද්‍යාර්ථින්ගේ එකමුතුව එහි ගියේය.
අනුරාධපුරයේ සිට කිලෝමීටර 17ක් පමණ දුරින් පිහිටි ඉතා අඩු පහසුකම් සහිත පණ්ඩුකාභයපුර විදුහලට මෙම මහඟු පරිත්‍යාගය කිරීමට එකමුතුවේ නිලධාරී මණ්ඩලය හා විධායක සභාවේ තිහකට ආසන්න පිරිසක් ගොස් සිටියහ.
විදුහල්පති එම් ජයවර්ධන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය හා සිසු දරු දැරියෝ ඔවුන් සාධරයෙන් පිළිගත්හ.
ඉන්පසු පැවැති කෙටි උත්සව සභාවේ දී රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කබඩ්, මේස, පුටු, පොත්පත් හා පරිගණකයක් ද සිසු දරු දැරියන්ට වෙනම පොත් පාර්සල් ද ක්‍රීඩා උපකරණ ද බෙදා දෙනු ලැබුවේ එකමුතුවේ සභාපති ටී ජී ජයසිංහ මහතා සහ ලේකම් මුදිතා රුද්‍රිගු මෙනවිය ඇතුළු විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ සාමාජික සාමාජිකාවන් විසිනි.