කොළඹ සරසවිය නැවක් ගොඩට ගනී


නැවකට ගොස් ලබාගත යුතු දැනුම ගොඩබිමදී පරිගණකය ඔස්සේ ලබාදීමට සමත් සිමියුලේටරයක් නිර්මාණය කර සාගර විශ්ව විද්‍යාලයයේ ස්ථාපිත කර දීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්වූ බව මහාචාර්ය නිහාල් කොඩිකාර පැවසීය.

නැවක සැබෑ ක්‍රියාකාරීත්වය පෙන්විය හැකි යන්ත්‍ර සූත්‍ර වලින් මේ සිමියුලේටරය සමන්විතය.

නැවක ගමනාගමනය හා වටපිටාව ඇතුළු සෑම තාක්ෂණ ක්‍රියාවලින් ඇතුළු සෙසු කාර්ය සම්බන්ධව මෙම පද්ධතියෙන් මැනවින් අධ්‍යාපනයක් ලැබෙන බව මහාචාර්යවරයා පවසයි.

නැවකට නැඟ මේ හා සම්බන්ධව දැනුමක් ලබා ගැනීම සඳහා අධික මුදලක් වැයවන අතර එම මුදල සම්පූර්ණයෙන්ම ඉතිර කරගැනීමට මේ නිසා හැකිවෙයි. ඊට අමතරව මෙම පද්ධතිය විදෙස් රටකින් මිලදී ගත්තා නම් ඒ වෙනුවෙන්ද  වැය කළ යුතුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදලක් බවත් පරිගණක අධ්‍යයන අංශය පෙන්වා දෙයි.

මෙම පද්ධතිය සාගර විශ්ව විද්‍යාලයට නොමිලේ පරිත්‍යාග කර ඇත. එය නිර්මාණය කිරීම සඳහා මූල්‍ය ආධාර දපයා ඇත්තේ ජාතික විද්‍යා සභාවයි.

මහාචාර්ය නිහාල් කොඩිකාර මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චමත් කැප්පෙටියාගම පශ්චාත් උපාධි අපේක්ෂක දමිත සඳරුවන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මෙය නිර්මාණය කළහ.