නේවාසිකාගාර ගාස්තුව රුපියල් 3000 සිට 800 දක්වා අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 8 ක් මුල් කැරගෙන කොළඹ විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් හයක සිසුහු එක්ව එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද දහවල් උද්ඝෝෂණක් ඇරැඹුහ.
සිසුහු එක්ව තර්ස්ටන් පාර හරස් කරමින් උද්ඝෝෂණයේ නිරත වු නිසා තුන්මුල්ල හන්දියේ සිට තර්ස්ටන් පාර පැය දෙකකට අධික කාලයක් වසා දමන්නට පොලීසියට සිදු විය.

