කොළඹ විශ්ව විද්‍යාලයයේ නේවාසික ගාස්තු ඉහළ දැමීම ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් නොලැබීම නිසා අද (17) දිනය අධ්‍යාපන කටයුතුවලින් බැහැරව සිටින කළු දිනයක් ලෙස ශිෂ්‍ය සංගම් විසින් නම් කරනු ලැබ ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ සමස්ථ පීඨ එකමුතුවේ කැඳවුම්කරු කුමාර පානාකඩුව මහතා පවසයි.
2008 දී වාර්ෂික නේවාසික ගාස්තුව රුපියල් 200ක් වූ අතර 2012 දී එය රුපියල් 3000ක් දක්වා වැඩි කළ බවත්, එය රුපියල් 1000 දක්වා අඩු කරන ලෙසත් සිසුහු ඉල්ලති.

