කොළඹ සරසවි ජනමාධ්‍ය ඩිප්ලෝමාව නව මුහුණුවරකින්


කොළඹ විශ්ව විද්‍යාලයීය ජනමාධ්‍ය අංශය ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ 30 වැනි සංවත්සරය නිමිති කොටගෙන 2016 වර්ෂයේ පාඨමාලාව නව මුහුණුවරකින් පැවැත්වීමට යයි.

පාඨමාලා අයැදුම්පත් බාර ගැනීම දැන් සිදුවන බවත් බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය 2015 නොවැම්බර් 20 වැනිදා තෙක් දීර්ඝ කළ බවත් එහි ප්‍රකාශකයෙක් කීය.

වෘත්තීය ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමේ අභිලාෂ ඇති විද්‍යාර්ථීන් සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මේ පාඨමාලාව පැවැත්වේ.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර www.cmb.ac.lk වෙබ් අඩවියෙන් හෝ 011-2500431 දුරකථන අංකය ඇමැතීමෙන් ලබාගත හැකියි.